දිවි නැගුම 4 වන අධියර 2012.10.25 දින 10.11 යෙදුන සුභ මොහොතින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද ආරම්භ විය . ප්‍රාදේශීය දේශපාලන නායකත්වය හා ප්‍රාදේශීය ලේකම් ප්‍රධානත්වයෙන් පැවති ප්‍රධාන උළෙල පුනෑවේ දී පැවැත්වුණි. එහි ඡයාරූප එකතුවක් පහතින් දක්වා ඇත.
පොසොන් බැති ගී සරණිය 2012
2012 පොසොන් උත්සවය නිමිති කොට බැති ගී සරණියක් 2012.06.05 වන දින 2012 අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ හා කාර්ය මංඩලයේ සහභාගිත්වයෙන් කාර්යාල භූමියේ දී පැවැත්වුණි. ප්‍රාදේශීය ලේකම් ප්‍රසන්න මදනායක මහතා ගේ මගපෙන්වීම හා මෙහෙයවීමෙන් පැවති මෙම බැති ගී සරණිය සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි විය . පැමිණ සිටි සැමගේ ඉමහත් ප්‍රසාදයට ලක් වු මෙම බැති ගී සරණියේ සංගීත අධ්‍යක්ෂවරයා හා පුහුණුකරු ලෙස කටයුතු කලේ 2012 අභ්‍යාසලාභී උපාධිධාරී ..........අසේල මහතායි. එම අවස්ථාවේ ඡයාරූප පෙළක් අපගේ ඡයාරූප එකතුවට එක කර ගත් ආකාරය. ( සේයාරූ - කළමණාකරණ සහකාර....කවින්ද මහතා. ) මෙහ දී ගායනා කළ ගීත අපගේ ගීත ඇල්බමයෙන් නැරඹිය හැක.
ඉසින්බැස්සගලට කේශ ධාතූන් වහන්ස වැඩම කරවීම
2012.12.24 දින බංගලාදේශයේ සිට මැදවච්චිය ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහරස්ථානයට බුදුන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්ස නමක් වැඩම කරවීම සිදුවිය. එම අවස්ථාව අපේ කැමරාවල සටහන් වු ආකාරය
Subscribe to:
Posts (Atom)