.jump-link { float:right; margin:1% 1%; } .jump-link a { text-align:center; display:inline-block; color:#FFFFFF; margin:5px 4px 5px 10px; padding:9px 10px 9px 10px; font:100% 'Oswald',Sans-Serif; background-color:#000000; text-decoration:none; text-transform:uppercase; box-shadow:4px 4px 0px rgba(33,33,33,0.45); } .jump-link a:hover { background-color:#05B6F8; color:#FFFFFF; }

ඉසින්බැස්සගල

දර්ශනීය ගල්තලාවක් මත පිහිටා ඇති ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. අතීතයේ දී ඍද්ධි  බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය "ඍෂීන් බැස්ස ගල" ලෙස හඳුන්වා ඇත. පසු කලක දී "ඍෂීන් බැස්ස ගල"  යන්න "ඉසින්බැස්සගල" බවට පත්ව ඇත. ඇතමකුගේ විශ්වාසය වී ඇත්තේ  අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මෙම ගල්තලාවට වැඩම කර මිහින්තලා ප්‍රදේශය නිරීක්ෂණය කොට ඉන් අනතුරුව මිහින්තලාවට වැඩම කළ බවය. මෙය පුරාවෘත්තියක් බවට පත්ව ඇතත් 90 දශකයේ දී රජය විසින් මෙහි කර ඇති ප්‍රතිසංස්කරණ වලින් මෙය සථ්‍යයක් බවට පිළි ගෙන ඇත.


ShareThis