.jump-link { float:right; margin:1% 1%; } .jump-link a { text-align:center; display:inline-block; color:#FFFFFF; margin:5px 4px 5px 10px; padding:9px 10px 9px 10px; font:100% 'Oswald',Sans-Serif; background-color:#000000; text-decoration:none; text-transform:uppercase; box-shadow:4px 4px 0px rgba(33,33,33,0.45); } .jump-link a:hover { background-color:#05B6F8; color:#FFFFFF; }

ඉසුරුමුණිය රජ මහා විහාරය ( Isurumuniya Viharaya of Anuradhapura Kingdom )

ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදිව විසූ ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250 – 210) වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණි විහාරය නම් වූ බවත් වංශ කතාවල සඳහන් වෙයි. ගල්පර්වතයක් ආශ්‍රිතව ස්වාභාවික පරිසර පද්ධතියක තවත් විචිත්‍රවත් චිත්‍රයක් ලෙස මෙම විහාරය ඉදිකර ඇත.

    මෙම  ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ














    දුටුගැමුණු රජ පවුල දැක්වෙන කැටයම



මෙම කැටයමින් නිරූපණය වන්නේ කවුරුන් ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය උගතුන් අර්ථ නිරූපණ දක්වා ඇත. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු ව සිටි මහාචාර්ය පරණවිතානයන්ගේ මතය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුත් ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලාත් ඉන් නිරූපණය වන බවයි. හින්දු සමය හා සම්බන්ධ ශිව දෙවියන් හා ඔහු‍ගේ භාර්යාව වූ පාර්වතී දේවිය නිරූපණය කරන බව ඇතමුන්ගේ මතය යි. මහායාන සම්ප්‍රදායෙහි හමුවන බෝධිසත්‍වවරුන් අතරින් ලාබාල ම බෝධිසත්‍වවරයා ලෙස සැලකෙන මඤ්ජු ශ්‍රී බෝධිසත්‍වවරයාත් ඔහුගේ තාරා නම් බිසවත් දැක්වෙන බව තවත් අදහසකි. යුධ භටයෙකු හා ඔහුගේ තරුණ භාර්යාව ඉන් පිළිඹිබු වෙතැයි තවත් මතයකි. මීට අමතරව කුවේර නම් දෙවියනුත් ඔහුගේ භාර්යාව වූ වසුන්දරාත් ඉන් නිරූපණය වන බවට මතයකි.

කලාත්මක වශයෙන් ඉතා විශිෂ්ඨ ගණයෙහි ලා සැලකිය හැකි මෙම "පෙම් යුවල කැටයම" ක්‍රි.ව. 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යාඥ මතය යි. පැරණි භාරතයේ විශිෂ්ට ම කලා සම්ප්‍රදාය ලෙස සැලකෙන ගුප්ත මූර්ති කලා සම්ප්‍රදායේ ආභාසය මෙම කැටයමින් පිළිඹිබු වේ.



No comments:

Post a Comment

ShareThis