A-9 මාර්ගයේ, මැදවච්චිය නගරයේ සිට උතුරු දෙසට කිලෝමීටර් 02 ක් පමණ දුරින් ප්‍රධාන මාර්ගයට යාබඳව දර්ශනීය ගල්තලාවක් මත පිහිටා ඇති ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. අතීතයේ දී ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය සෘෂීන් බැස්ස ගල ලෙස හඳුන්වා ඇත. පසුව සෘෂින් බැස්ස ගල ව්‍යවහාරයේ දී ඉසින් බැස්ස ගල බවට පත් වන්නට ඇත.
මේ
පින් බිම ආශ්‍රිතව ඇතමකුගේ විශ්වාසය වී ඇත්තේ අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු හිමිවරුන් මිහින්තලාවට වැඩම කිරීමට ප්‍රථම මෙම ගල්තලාවට වැඩම
කර, එහි සිට මිහිඳු මාහිමියන් විසින් දේවානම් පියතිස්ස රජු සමග සිටි 40,000 ක පිරිස මග හරවා රජුට තනිවෙන්නට අධිෂ්ඨාන කර ගෙන ඇත. ඉන් අනතුරුව මිහිඳු හිමියන් ඇතුළු හිමිවරුන් මිහින්තලාවට වැඩම කර දේවානම් පියතිස්ස රජුට ධර්මය දේශානා කොට ඇත. මේ විශ්වාසය මත
මෙම ගල්තලාව අධිෂ්ඨාන පර්වතය ලෙසත් හඳුන්වා ඇත. 1990 දශකයේ දී මිහිඳු හිමියන් ඇතුළු
හිමිවරුන් ගේ පිළිම මෙම ගල් තලාව මත ඉදි කර ඇත්තේ මෙම විශ්වාසය මත පදනම් ව යයි
සිතිය හැක. මෙය හුදෙක් විශ්වාසයක් මත පදනම්වුවක් ද නැතහොත් සථ්‍ය මත පදනම්වුවක් ද
යන්න පැහැදිළි නැත. මෙම පින්බිම ආශ්‍රිතව පාරම්පරිකව පැවත එන පවුල් කීපයක සාමාජිකයන් කීප දෙනෙකු මෙම ලියුම්කරු සමග පවසා සිටියේ මිහිඳු මාහිමියන් ඉසින් බැස්සගලට වැඩම කළ බවට පවතින විශ්වාසය ගැන මෙම ඉදිකිරීම් සිදුවන තෙක් තමන් දැන නොසිටි බවයි. මේ
නිසා මෙම විශ්වාශය පුරාවෘත්තයක් ලෙස ද සැළකිය නොහැක.
මෙම
ගල්තලාවට මතට පැති හතරකින් ඇතුල් වීමට පුළුවන්කම ඇත. මෙම පින් බිම ආශ්‍රිතව කළ
කැනීම් වලින් හමු වු පැරණි ගඩොලින් බස්නාහිර දෙසින් ඇතුල්වීමට ඇති පිය ගැට පෙල සකසා
ඇත. මෙම ගල්තලාව මත චෛත්‍යක් තිබී ඇති අතර, එම චෛත්‍යට තිබු අත්තිවාරම මත වත්මන්
චෛත්‍ය ඉදි කර ඇත. දොලොස් මහේ පහන ආසන්නයේ ඇති ශ්‍රී පාදපද්මය සොයාගෙන ඇත්තේ ආශ්‍රිතව
කළ කැණීම් වළිනි. ඊට අමතරව මෙම කැණීම් වල දීම නාග ප්‍රතිමාවක් ද හමු වී තිබේ.
මේ
සම්බන්ධවද විශ්වාසයක් පවතී. බුදු රජාණන් වහන්සේ ලක්දිවට පැමිණීමට පෙර, මෙම ස්ථානය
නාග ගෝත්‍රිකයන් වැඳුම් පිදුම් කළ ස්ථානයකි.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා මාස 09 කට පසු ලක්දිවට වැඩම කොට නාග හා
යක්ෂ ගෝත්‍රිකයන් හට ධර්මය දේශනා කළ පසු මෙහි වැඳුම් පිදුම් කළ නාග ගෝත්‍රිකයන් නාග
ප්‍රතිමා වෙනුවට ශ්‍රී පා පද්මය තෝරා වන්දනාමාන කිරිමට පටන් ගෙන ඇත. ඒ අනුව ගත් කළ
මිහිඳු හිමියන් ලක් දිවට වැඩම කිරීමට පෙර සිටම, එනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි සමයේම මෙම ස්ථානය බෞද්ධ වත් පිළිවෙත් අනුව වැඳුම්
පිදුම් කරපු බෞද්ධ මධ්‍යස්ථානයක්.
මෙම
ගල්තලාව ආශ්‍රිතව කටාරම් සහිත ගල් ලෙනක් තියෙනවා. මින් අදහස් වන්නේ මේ ආශ්‍රිතව පිරිසක්
ඉඳලා තියෙනවා කියන එක. ඊට සමීපව කන්දට නගින්න ගල මත සකස් කළ පිය ගැට පෙලක් තිබෙනවා.
මෙම පිය ගැට පෙළෙහි පඩි නිර්මාණය කරළ තියෙන්නේ පඩි අතර පරතරය අඩු වෙන ආකාරයට. මේ
නිසා සංවර වු පිරිසක් මෙම කටාරම් සහිත ගල්ලෙන් වළ වාසය කර ඇති බවත්, ගල් ලෙනට නැගීම හා බැසීම සක්මන් භාවනාවක් හැටියට කරන්න ඇති කියලත්, මේ සංවර වු පිරිස
බෞද්ධ රහතන් වහන්සේලා විය හැකි බවට විශ්වාසයක් ද පවතිනවා.
කෙසේ
වෙතත් මෙම පින් බිම ආශ්‍රිත සත්‍ය විශ්වාසයන්ටත් වඩා පුළුල් විය හැකි බව නම් සටහන්
කළ යුතුව ඇත. මෙම සත්‍ය සොයා යාම හා විශ්වාසයන් තහවුරු කර ගැනීම තවදුරටත් කළ යුතුව
ඇති දෙයකි.
අයි.ඇම්.ආර්.නයනානන්ද, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
අයි.ඇම්.ආර්.නයනානන්ද, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.



No comments:
Post a Comment