විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ඇතුළු පිරිසක් විසින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති පුන්‍යෙයෝත්සවය නිමිති කොට ගායනා කළ ගීතයක් අපගේ නිර්මාණ අතරට එක් කර ගත් ආකාරය.
ශ්‍රී ලාංකා සම්මානණීය ප්‍රරවැසියකුව සිටි ආතර් සී ක්ලාක් මහතා අනාගතය දුටු සෘෂිවරයෙකු ලෙස සැළකිය හැක. විද්‍යා ප්‍රභන්ධ විශාල ගණනාවක් රචනා කොට ඇති ඒ මහතා වසර 2050 දී ආගම් හා ඇදහිලි සම්බන්ධව කළ අනාවැකිය ලෝකවාසී ජනතාව අතරට ගෙනයාම සඳහා නිර්මාණය කළ අලංකාර සිතුවමක් කවුරුන් විසින් හෝ අන්තර් ජාලයට එක් කර තිබුණි. නන්නාඳුනණ එම නිර්මාණය මෙම වීඩියෝව සඳහා පදනම් වී ඇත.
ලෝකවාසී බෞද්ධ ජනතාව අතර මුදුන් මල්කඩක් බවට පත්ව ඇති ජය ශ්‍රී මහ බෝධීන් වහන්ස අපගේ ජාතික උරුමයකි. විශාරද දීපිකා ප්‍රියදර්ශනී ශිල්පිණිය විසින් ගායනා කළ මෙම ගීතයෙන් අතීතයේ දී ජය ශ්‍රී මහ බෝධීන් වහන්ස ආරක්ෂා කිරීමට නුවර කළාවියේ සැබෑ උරුමකරුවන් විසින් ගත් වෙහෙස පිළිබිඹු කෙරේ. එය අපගේ නිර්මාණ අතරට එක් කර ගෙන ඇත්තේ මෙම සැබෑ උරුමකරුවන් ගේ පසු පරම්පරාවන් මෙම කොට්ඨාශයේ ද පදිංචිව සිටින බැවිනි. මෙය ඔවුන් ගේ වෙහෙසට උපහාරයක් වේවා...!
No comments:
Post a Comment